Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්





යම් කිසි ඩවුන්ලෝඩ් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස උඩ තිබේන 'Skip' ද , ඉන් පසු එන පිටුවේ දකුණු පස උඩ තිබේන 'Skip Ad' ද ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip' In Top Of Right Side & Again Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!

෴ IDM එකෙන් download කරන Videos, Films, download වෙලා ඉවර වෙන්න කලින් බලමු ෴

ගොඩක් කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා... කතා ඕන නෑ අපි කෙලින්ම වැඩේට බහිමු.
ඉතින් ඔන්න මම සුපිරි post එකක් අරං ඔයාල බලන්න ආවා.... !!! මේක නම් අනිවාරෙන්ම ඔයාලට සුපිරි  post එකක් වේවි.
මොකද මම අද ඔයාලට කියන්න යන්නේ Internet Download Manager එකෙන් download කරන video, download වෙලා ඉවර වෙන්න කලින් ඒ කිව්වේ 30%ක්
විතර වගේ ( තමන් කැමති ප්‍රමාණයක් ) download වෙලා තියෙන video එකක් ලස්සනට බලන්නේ කොහොමද කියන එකයි.



මේක ඇත්තටම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
සම්පුර්ණයෙන්ම download වෙලා ඉවර වෙන්න කලින් videos බලාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද?
මොකද, තමන් download කරන video  එක මොන වගේ එකක්ද? Video quality එක කොහොමද? වගේ ගොඩක් දේවල් එතකොට දැනගන්න පුළුවන්.

ඉතින් මම අද කියන්නේ, ඒ විදියට download වෙලා ඉවර වෙන්න කලින් videos බලන විදියයි. මේක ඇත්තටම කරන්න පුළුවන් IDM ඒකෙන් download කරන video වලට විතරයි. Internet Download Manager එක නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින්  බාගන්න.   හරි.... දැන් එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්නේ කියල...

මුලින්ම ඔයාල කැමති video එකක් හොයාගන්න. ඒක 10%ක් විතර වගේ ( තමන් කැමති ප්‍රමාණයක් ) download වෙලා ඉවර උනාම, stop කරලා download වෙන එක නවත්වන්න.
දැන් IDM එක open කරගන්න. මම උදාහරණයක් විදියට පහල පින්තුරය අනුව ඔයාලට මේක කියල දෙන්නම්.

 මම "video.mkv" කියලා  video එකක් download කරලා 8% දී නවත්වලා තියෙන්නේ. දැන් එහෙනම් මම කියන විදියට කරන්නකෝ...

IDM එකේ  Downloads > Options කියන එකට යන්න. දැන් ඔතනින් " Save to " කියන tab එක click කරන්න.
ඊළගට මේ පින්තුරේ තියෙන විදියට මම select කරලා තියෙන path එක copy කරගන්න.


දැන් "My Computer"  open කරගන්න. දැන් ඕකේ address bar එකේ , අපි අර copy කරගත්ත path එක paste කරලා Enter කරන්න.


ඔයාලට දැන් පෙනේවි " DwnlData " කියල folder එකක්. ඕක open කරන්න. දැන් තව folder එකක් ඇති. එකත් open කරන්න.
දැන් ඔයාලට folders ටිකක් පේනවා ඇති. ඔතනින්, අර ඔයාල කලින් download කරලා නවත්වපු video එකේ නමින්  folder එකක් ඇති. ඒක හොයාගන්න. ඒක open කරන්න.


හරි............
ඔතන තියෙන files වලින් පලවෙනි file එක, ඔයාලා කැමති player එකකින් open කරන්න.....



කොහොමද වැඩේ? එළනේ ?? video එක ලස්සනට play වෙනවා නේද? දැන් ඔයාලට, ඔයාල download කරපු ප්‍රමාණය දක්වා ඔය video එක බලන්න පුළුවන්.
එහෙනම් වැඩේ හරිනේ !! මේ වගේ දෙයක් කියලා දීලත් වැඩේ කොහොමද කියල comment නොකර යන එක හරි නෑනේ..ඒ නිසා comment එකක් දාලම යන්න....
එහෙනම් මම ගියා.... !!! ආයෙත් දවසක හමුවෙමු !!

0 comments:

comments

HTML Comment Box is loading comments...