Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්


                  G,I.JOE 3 WITH SINHALA SUB FREE ON RAMESH.G

කොහොමද යාලුවනේ, අද ගෙනාවේ නම් ඔයාලට මීට ටිකක් කාලෙකට කලින් ගෙනත් දෙන්න බලාගෙන හිටපු චිත්‍රපටියක්, ඒත් මට පෞද්ගලිකව සිදුවුණු ලොකු කරදරයක් නිසා මේකේ මුල් කොපි එකට සබ් දාන එක ප්‍රමාද වුණා, ඒ මදිවට බාගෙට සබ් දාපු සබ් ෆයිල් එක අත්වැරදීමකින් මගේ අතින් අයින් වුණා! ප්‍රමාද වුණත් මේ අඩුව පුරවන්න වුවමනා නිසා ඔන්න මම අද භාරගත්ත වැඩේ ඉවර කළා,

මේ කතාව ගැන කියන්නම් ටිකක්,මතක ඇතුව මේ චිතපටිය නරඹන්න කලින් G.I Joe: The Rise of Cobra [2009] කතාව බලලා ඉන්න.එකත් සිංහල උපසිරැසි එක්ක සුම් එකෙන්ම දිලා ඇති.මෙන්න මේ චිත්‍රපටියේ කතාව ජී අයි ජෝ කණ්ඩායම පිටත් වෙනවා එක්තරා බෝම්බ ගබඩාවකට, ඔවුන් එහිදී සටනක් කර, ඒ ගබඩාවේ තියෙන පරමාණු බෝම්බයක් අත්පත්කරගෙන කාන්තාරයේ තියෙන ඔවුන්ගේ කඳවුරට එනවා, මේ කණ්ඩායමේ නායකයා කපිතාන් ඩූක් හූසර්, ඊට අමතරව බ්ලොක්, ජායි, ෆ්ලින්ට් සහ විශාල සෙබලුන් පිරිසක් මේ කඳවුරේ ඉන්නවා, නමුත් එක්වරම හෙලිකොප්ටර් යානා විශාල ප්‍රමාණයක් මෙතැනට කඩාවැදිලා කඳවුරට පහර දනවා, එහිදී කපිතාන් ඩූක් හූසර් ඇතුළු සියලුම සෙබලුන් මියයනවා, ඉතිරි වෙන්නේ ලිඳකට පැන දිවිබේරාගන්නා බ්ලොක්, ෆ්ලින්ට් සහ ජායි පමණයි, ඔවුන් තරයේ අදින් කරගන්නවා ඔවුන්ට මේ දේ කළ කෙනා හොයාගෙන පළිගන්න,

මේ අතර ස්නේක් අයිස්ගේ නායකතුමාගේ අණ පරිදි ජින්ක්ස් නම් ගැහැණු ළමයෙක් ඔවුන්ගේ කණ්ඩායමට බඳවා ගන්නවා, ඔයාලට මතක ඇති ජී අයි ජෝ පළවෙනි කතාවේ ස්නේක් අයිස් සහ ස්ටෝම් ෂැඩෝ සටනින් ස්ටෝම් ෂැඩෝ පහර කාගෙනම පහළට වැටෙනවා, අපි හිතුවෙ ඔහු මියගියා කියලා, ඒ වගේම පුංචි කාලේ ඔහු තමයි මාස්ටර්ව මැරුවේ කියලා, ඒත් ඒ දෙකම වැරදියි, මේවාට පිළිතුරු තියෙන්නේ චිත්‍රපටියේ මැද කොටසේ..

මේ අතරම ජනාධිපතිතුමා ලෙස පෙනී සිටින සාතන් විසින් මහා විනාශකාරී මෙහෙයුමක් දියත්කරනවා, මේ මෙහෙයුම නිසා එංගලන්තයේ ලන්ඩන් අගනුවර එහෙමපිටින්ම විනාශ වෙනවා, අනෙක් රටවල්වලටත් මෙය සිදුවීම නැවැත්වීමට ජී අයි ජෝ කණ්ඩායමට හැකිවෙයිද? ඒක බලන්න ඔයාලා මේ කතාව නරඹන්න!නැවතත් හොඳ චිත්‍රපටියකින් හමුවෙමු යාලුවනේ...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
410MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB BRRIP DIRECT LINKS මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රිමාල්

0 comments:

comments

HTML Comment Box is loading comments...