Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

සඳ මිතුරි -කසුන් කල්හාර

 සඳ මිතුරි -කසුන් කල්හාර

                     ද අපි ඔයාලට දෙන්න හදන්නේ පහුගිය ටිකේ ගොඩක් ජනප්‍රිය වුන ගීතයක්. මේක ලියන මම ධර්මේ.
හොදයි අපි කෙලින්ම කතාවට බහිමු.සුන් කල්හාර ගායනා කරන ඉතා ජනප්‍රිය ගීතයක් වන මේ ගීතයේ පද රචකයා තරමක් අප්‍රකටයි.මේ තොරතුරු ගත්තෙ නම් අන්තර් ජාලයෙන්. ඔහු නමින් අචල සොලමන්ස්. වෘත්තියෙන් සංගීතඥයෙක් වන ඔහු පවසන අන්දමට සඳ මිතුරි යන්නෙන් අදහස් කරන්නේ පරම පෙම්වතියයි. බොහෝ විට මෙය පෙම්වතා විසින් තම පරම පෙම්වතියට කරනා ඉල්ලීමක් විය හැකියි.  ගීතයේ අදහස ඔහුගේ වචනයෙන්ම කියනවනම්,



                  "මම අදහස් කළේ පරම පෙම්වතිය කියන එක. අපි හැමෝම තරඟයක පැටලිලා ඉන්නේ. ඒ තුළ දැවෙමින් තමයි අපි ජීවත් වෙන්නේ. අපිට සැනසීමක් ලබා දෙන සැබෑ ආදරයක් අපි හොයනවා. ආර්ථික වටිනාකම් රජයන සමාජයක අපිට එහෙම ආදරයක් හමුවෙන්නේ නෑ. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම ආදරයක්. ‘සඳ මිතුරී’ තුළ කථා බහ වෙන්නේ ඒ දේ පිළිබඳව. මට දැනිච්ච සිද්ධියක් තමයි මේ ගීතයට පාදක වුණේ.මේකෙ පොලිටිකල් ගතියකුත් අන්තර්ගත වෙලා තියෙනවා. "

                             මෙම ගීතයේ සංගීතය පිළිබඳව සැකයක් බොහොමයක් රසිකයන් අතර පවතිනවා. ඊට හේතුව මෙම ගීතයේ සංගීතය ඇතුලත් දමිළ ගීතයක් මෙයට පෙර ගායනා කර තිබීමයි. බොහෝ දෙනා පවසන්නේ මෙම ගීතය සඳහා දමිළ ගීතයේ සංගීතය සොරකම් කරගෙන ඇති බවයි. නමුත් සත්‍ය තත්වය ඊට වෙනස්. මෙම ගීතය සංගීතවත් කරන්නේ ශ්‍රී ලංකාවේ උපන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු උපාධිධාරී රාජ්කුමාර් තිල්ලෙයංපලම් නම් වූ සංගීතඥයායි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට පිටවයන ඔහුට එහිදී කැනඩාවේදී රූපගත කල "1999" නම් දමිළ චිත්‍රපටයේ ගීත නිර්මාණය සඳහා දායක වෙන්න හැකි වෙනවා. මෙහි එන “මෝස්හි” (Mozhi) නමි වන ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කරන්නේ රාජ්කුමාර් තිල්ලෙයංපලම් විසින්. පසු කළෙක නැවත ලංකාවට පැමිණෙන ඔහු ඔහුගේ ප්‍රියතම ගායකයා වන කසුන් කල්හාරගෙන් කරන ඉල්ලීමක් අනුව තම ගීතයේ තනුව භාවිත කර ගීතයක් නිර්මාණයට ආරාධනා කරනවා.
          ඔන්න ඔහොම තමයි මේ සඳ මිතුරී ගීතයේ නිර්මාණය සිදු වෙලා තියෙන්නේ අපි ඊලග දවසේ තවත් සොදුරු කතාවක් ගැබ් වෙලා තියෙන ගීතයක් අරගෙන ගිහින් එන්නම්
                                                                                        මම ධර්මේ

ගීතය මෙතනින් බාගන්න 



විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බිංදු මල් වැහි අරන්....
සඳ මිතුරි සිත මිහිරි කළ මැනවි
බිඳු කදුලු පිණි පොකුරු කළ මැනවි...

මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අණු වෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා..



ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ...

ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිණි වැහි පොදින්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ... //


                                                                                      ගායනය - කසුන් කල්හාර

                                                                                      පද රචනය - අචල සොලමන්ස්
                                                                                      සංගීතය - රාජ්කුමාර් තිල්ලෙයංපලම්


0 comments:

comments

HTML Comment Box is loading comments...