Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

විකසිත පෙම් පොකුරු පියුම්

විකසිත පෙම් පොකුරු පියුම් 

                              වත් ගීතයක් අරගෙන අපි ඔයාලා හමුවට නැවතත් ආවා. මම ගොඩක් මහන්සි වෙලා ඔන්න අමරදේව මහතාගේ විකසිත පෙම් පොකුරු පියුම් ගීතයේ රසවින්දනයක් හා ගීතයේ වතගොත ටිකක් අරගෙන ආවා. මම සුපුරුදු විදිහට ඔයාලට ගීතය ගැන කෙලින්ම විස්තර දෙන්නම් මේ ගීතයේ වත ගොත සොයා ගත්තෙ අන්තර්ජාලයෙන්. මෙඑක ලියන මම #ධර්මෙ...




                          අජන්තා රණසිංහයන් විසින් රචනා කරන ලද මේ ගීතය ඔහුගේ ජීවන අත්දැකීමක් ඇසුරෙන් ලියවුණක්. අජන්තා රණසිංහයන් තම ජීවිතයේ ආදර අත්දැකීම් ගැන බොහෝ ගීත ලියපු පුද්ගලයෙක්.
                        ඔහුගේ පෙම්වතිය ඔහු හැර ගියා වේදනාව කැටිකර මේ ගීතයෙන් මුදාහැර තිබෙනවා. කාලයක් තිස්සේ පෙම් කරපු ඇය ඔහුට පිටුපා වෙනත් අයෙක විවාහ කර ගත් අවස්ථාව පසුබිම් කරගෙන ඔහු ලියපු පද මාලාව තමයි මේ සින්දුවේ එන්නෙ. පතිකුලයට පියනගන ඇයට ඔහු වෛර කලේ නැහැ, ඒ වෙනුවට ඔහුගේ සිතේ මතුවුණු ප්‍රාර්ථනාවන් ගීයකට එකතු කලා. සැම අවස්ථාවකම විරහ වේදනාව සමග ඇයට යහපතක් ප්‍රාර්ථනා කරන ලෙසට ගීතය රචනා කර තිබෙනවා.
                             අමරදේව මහතා ගායනා කරන මේ ගීතය සංගීතවත් කලේ ප්‍රේමසිරි කේමදාස මහතා. මේ සංයෝජනය ගීතයට එකතු කරන්නේ පුදුමාකාර අලංකාරයක්. ඔයාලා මේ ගීතය අහලා ඇති ඒත් මේකෙ ඇතුලාන්තය ගැන ඔයාල දන්නේ නෑ. මේ ගීතයේ රසය තියෙන්නෙ මේ ගීතය නිර්මාණයට පාදක වුන කතාව දැනගෙන රස විදීම තුලින් කියන එක තමයි මගේ මතය... ඔයාලත් එහෙනම් අහල බලන්නකො..
ආයෙත් තවත් ගීතයක වතගොත අරගෙන යලි හමු වෙමු. මම #ධර්මෙ

මෙතනින් ගීයට සවන් දෙන්න.




ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...//

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...//

විකසිත පෙම්...



තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...//

විකසිත පෙම්...

                                                                                 ගායනය - W.D. අමරදේව 
                                                                                 පද රචනය - අජන්තා රණසිංහ
                                                                                  සංගීතය - ප්‍රේමසිරි කේමදාස 




0 comments:

comments

HTML Comment Box is loading comments...