ලක්ශ්මන් හේවාවිතාරනගේ -පෑලදිග අහසේ- ගීයක අරුත සමගින්
වැඩසටහනේ තෙවන ගීතය "පෑලදිග අහසේ "මේ ගීතය ගායනා කරන්නේ ඔබ අප කවරුත් දන්න ලක්ශ්මන්හෙවාවිතාරන "පෑලදිග අහසේ පාට දේදුනු සේ රැදී නොරැදී මගේ මතකේ හිදී ඔබ අහසේ ලබැදි මියුලැසියේ" "සිතින් මගෙ සිත දරාගෙන ඔබ ගෙවා ආ මග ඉතින් නිම වේවී කන්දුලු ගo තෙර නතර වෙමි මමනම් . සිනහ තොටු පොල සොයා යනු මැන ලබැදි මියුලැසියේ " "කිරි සිනහවක සුවන්ද කැටි වූ සිහින ගිනිගත් වසන්තය මිහිරි කන්දුලු ගoතෙර නතර වෙමි මමනම් . කදුලු තොටු පොල අතැර යනු මැන ලබැදි මියුලැසියේ " පෑල දිග අහසේ හෙවත් හිරු බැස යන වේලාව වනවිට ඇති වන අදුරු අහසේ පාට දේදුන්නක් සේ, මෙමෙ විරහවෙන් පෙලෙන, කලින් පෙම් වතෙකු වුවත්, වර්තමානයේ තනිකඩයෙකුව සිටින මෙම තනිකඩයාගේ සිතේ ඇති ඇගේමතකය , අමතක කිරීමට සිතුවත්
නොමැකෙන සේ ලැගුම් ගෙන ඇත, සිතින් දුක් වින්දිමින් ඇගේ මතකය සුරැතිව ඇය සොයා යාම ඔහු විසින් අවසානයේ නතර කරනව ,කියලා ඇයට පවසන මේ තරුනයා මෙතෙක් රිදවා ,ඔහු අතැරදමා ගිය ඇයට කරුනිකව තම දුක මදකට අමතක කරමින් සුන්දර වචන ටිකකින් මෙසේ අවසාන කරය්, "කදුලු ගo තෙර නතර වෙමි මම නම් සිනහ තොටු පොල සොයා යනු මැන ලබැදි මියුලැසියේ" ගීතය අහලම බලන්න .. මේ කදුලු ගo තෙර තනිකඩයෙකු සේ මාද නවතිමි..
*****saveen roshara *****
Artist | - Lakshman Hewawitharana (View All Songs) |
Song | - Peala Diga Ahase |
0 comments: