Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

හන්තානට පායන සඳ


හන්තානට පායන සඳ

                                     ද අපි දෙන්න හදන්නේ ලස්සන ගීතයක් ඔයාලා මේ ගීතය හොදට අහල ඇති මේකට පදනම් උන සිද්දිය හැමෝම දන්නේ නැති උනාට මේ ගීතය ඇතුලෙ ලස්සන හා ඉතාමත් දුක්බර කතාවක් හැන්ගිලා තියෙනවා අදත් EXILIM NET එක තුලින් ඔයාලට සමීප වන මම ධර්මෙ . ඔයාලට හැම දාමත් අපි වෙනස් දෙයක් තමයි දෙන්නෙ අද මේ ලස්සන ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහතා. ඔහු ගැන යමක් කියනවනම් ඔහු ඉතා දක්ෂ ගායකයෙක් වගේම ඉතාමත් දක්ෂ දාර්ෂණිකයෙක් කියන්නත් පුලුවන් එතුමාගේ ගීතවල ඉතාමත් දුක්බර අර්තයන් සමූහයක් ගැබ් වෙලා තියෙනවා.  


                                   කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි. දෙන්නා අවුරුදු ගානක ඉදන් love කරනවා.දෙන්නම කලේ කලා විශයන්.සිoහල tuition class යන්න ඔන නිසා දෙන්නම ගියා නුවර class එකකට.කොල්ලා බොක්කෙම්ම love කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.class ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.දවසක් සිoහල සර් දෑක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.දවස් ගනන් ගෙවිලා ගියා.විභගෙ තියෙන දවසත් ලන් වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා. result එන දවසත් ලo උනා.කෙල්ලට A3.කොල්ලගෙ result ටිකක් අවුල්. අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක සිoහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් සර් කියල කතා කලා.ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව කො අර තමුසෙට බත් කවපු ගෑනු ලමය කියල.කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා.”සර් මo ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්ව.සර් ඈහුව ඈයි පුතේ එහෙම උනේ කියල.කොල්ල කියනව.”එය AL හොදට pass වෙලා පේරාදෙනිය campus ගිය සර්.මට යන්න බෑරි උනා.එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මන් ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනව සර්.එහෙ ගොඩක් ලස්සනයි සර්.මo ආයිත් එයගෙ ජීවිතේට අවිල්ල එහේ සතුට නෑති කරන්න මට හිත දෙන්නෙ නෑ.දෑන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.
                                                 මේ සිද්දියෙන් පස්සෙ සර්ට මේක හිතට වෑදුන.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා.

හන්තානට පායන සඳ 
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල 
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර 
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//



                        මම හිතනවා ගීතයේ නොදුටු කතාව ඔයාලගෙ හිතට වදින්න ඇති කියලා දැක්කද ආදරය නියම අරුතක් එකතු කරපු පෙම්වතෙක්... ඒ පෙම්වතා මුලු ලෝකෙටම කියලා දුන්නා ආදරේ කියන්නේ අයිති කර ගැනීමම නෙවෙටි කියලා. තවත් දවසක මේ වගේ තවත් ලස්සන ගීතයක් අරගෙන නැවත් එන බලාබොරොත්තුවෙන්  අපි ගිහින් එන්නම් 

                                                                                                     -මම ධර්මේ-

මෙතනින් බා ගන්න

0 comments:

comments

HTML Comment Box is loading comments...